සිය ජීවිතයේ පළමු වසර පහ තුල ඔවුන් සිතන, ඉගෙනගන්නා සහ හැසිරෙන ආකාරය තීරණය කරමින් ළමයෙකුගේ මොළය විෂ්මිත වේගයකින් වර්ධනය වේ. සිය ජීවිතයේ සාර්ථකත්වය සලසාගැනීමේ හැකියාව තීරණය කිරීම සඳහා මෙම පළමු වසර පහ අතිශයින්ම වැදගත් වන්නේය.
වයස අවුරුදු 3 සිට 5 අතර කාලය තුල ළමයෙකුට ගුණාත්මක පෙර පාසැල් ඉගෙනීෙමේ ප්‍රවේශයක් ලබා දීම ඔවුන්ගේ ජීවන සංවර්ධනය සඳහා අතිශයින්ම වැදගත් වන්නේය.
ශ්‍රි ලංකාවේ බොහෝ ළමුන්ට ගුණාත්මක පෙර පාසැල් අධ්‍යාපනයේ ප්රතිලාභ අහිමිවන්නේය. ඇත්තෙන්ම, වයස අවුරුදු 3-5 අතර ළමුන්ගෙන් පෙර පාසැල් වලට යන්නේ 48.7%ක් පමණකි.
අපට මේ තත්වය වහාම වෙනස් කළ හැකිය.
"සිය පාසැල් අධ්‍යාපනයේ සහ ජීවිතයේ සාර්ථකත්වය ලබාගැනීමේ හොඳම අවස්ථාව සලසා දීම පිණිස වයස අවුරුදු පහට අඩු සෑම ළමයෙකුටම අවම වශයෙන් එක් වසරක ගුණාත්මක පෙර පාසැල් අධ්‍යාපනයක් ලබාදීම සහතිත කරන ලෙස මම ශ්‍රිලංකා රජයට බලකර සිටිමි."
ජීවිතයේ පළමු වසර කිහිපයේදී අපගේ මොළයේ නියුරෝන තත්පරයට 700 සිට 1000 දක්වා වන අතිශයින්ම විශ්මිත වේගයකින් වන සම්බන්ධතා ඇතිකර ගනී. මේ වේගය නැවත කිසිදිනෙක ඇති වන්නේ නැත.
මෙම නියුරෝන සබඳතා යනු ළමයාගේ අනාගතය සඳහා වන ප්‍රධානතම වර්ධන සංඝටකයන්ය. එනමුත් ළමයා නිසිලෙස පෝෂණය ලබමින් ඇතිදැඩි නොවන්නේනම්, ඇයට නිසි ලෙස උත්තේජනයන් ලබා දෙමින් හින්සනයෙන් වලක්වා නොගන්නේ නම්, එවිට එය ඇයගේ වර්ධනය ඉතා බරපතල ලෙස බලපෑමට ලක් වන අතර සමහරවිට එම තත්වය නැවත නිවැරදි කිරීමට නොහැකි වන්නේය.
සිය මොළය නිසිලෙස වර්ධනය නොවූ ළමයෙකු හොඳින් ඉගෙන නොගන්නා අතරම හොඳ අනාගතයක් සහ ආදායමක් ද නොලබනු ඇත. එමනිසා ළමයෙකු සිය පූර්ණ හැකියාවන් සඳහා සංවර්ධනය නොකිරීම ඇයට මෙන්ම සමාජයට පාඩු පමුණුවන කරුණක් වන්නේය.
සිය ජීවිතයේ පළමු දින 1000 ළමයෙකුගේ අනාගතය සඳහා සැලකියයුතු පබලපෑමක් ඇති කරන්නේය. එය නිවැරදි කිරීමට අපට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණකි.
සෑම ළමයෙකුටම, සෑම මොහොතක්ම වැදගත් වන්නේය, වටනේය.
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතීන් (UNCRC) බාගත කර ගන්න.
සිංහල
|
தமிழ
|
English
සමහර ප්‍රායෝගික කරුණු සහ ක්‍රියාකාරකම් ඉගෙන ගන්න.
ගෝලීය ලෝක ළමා දිනය පිළිබඳ වෙබ් අඩවියට පිවිසෙන්න.
අප සමග සම්බන්ධ වන්න